ආරම්භයේදී පොල් අතු සෙවිලිකළ ගොමමැටි ගෑ බිමක් සහිත දුප්පත් පාසලක් වූ මෙය ක්‍රමයෙන් 8 වැනි පන්තිය දක්වා පන්ති පැවත් විමට තරම් වත්පොහොසත් කමක් අධ්‍යාපන අංශයෙන් ලැබීය.
ආරම්භ කල වර්ෂය - 1917
ජාම විඥාන වික්ඥණාති බෞද්ධ සමති යටතේ , දොඹවල රෙජිස්ටර් රාළහාමිගේ පුත් බී.එ. ජයවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් ඔහුගේ පර්චස් 40 ක් වූ ඉඩමක කනිෂ්ඨ බාලිකා පාසලක් වශයෙන් මෙම පාසැල ඇරඹීණි
අරම්භක ශිෂ්‍යන් ගණන =25
ආරම්භක ගුරු මණ්‌ඩලය=02
ආරම්භක මුල්ම විදුහල්පති තුමා ජයවර්දන මහතා විය.
ඉඩකඩ සීඉමිතව තිබූ මෙම පාසලට විලියම් ගුණවර්ධන මහතා නොහොත් බබානිස් රාළහාමි මහතා සහ රාජපක්ක්‍ෂ පොලිස් රාළහාමි ඉඩම් කොටස් පරිත්‍යාග කලහෙයින් වර්තමානයේ එම ඉඩම් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වී ඇත.
1943 - 1945 අතර කාලයේ සිසුන් ගණන 178 වූ අතර ගුරුමණ්ඩලය 5 දෙනෙක් විය.
එම.ජී.ඉසෙව් සිරිවර්ධන මැතිතුමාගේ අනුග්‍රහය නිසා පාසල උළු සෙවිලිකළ , සවිමත් බිත්ති සහිත ගොඩනැගිල්ලක් බවට පත්වි ඇත.
ඉන්පසු පාසල මිශ්‍ර පාසලක් බවට පත්කළ පසු පාසලයෙහි පිරිමි ළමුන් 5 වැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබීය . ඉන්පසු ඔවුන් උඩුගම්පල පාසලට යා යුතුවිය.
1949 දී මෙය රජයේ පාසලක් බවට පත්විය
1950 - 1960 කාලය තුලදී ඉසෙස් සිරිවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අංග සම්පුර්ණ ලෙස ගොඩනැගිලි ඉදිකළ ඇත .
|
ආරම්භ කළ වර්ෂය |
1917 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
25 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජයවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
| පාසලේ නම |
අස්ගිරිය බාලිකා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජාම විඥාන වික්ඥණාති බෞද්ධ සමිති යටතේ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1949 |





