- පාසල් වේලාව 7.30 සිට ප.ව 1.30 දක්වා
- පෙ.ව 7.15 වන විට සෑම සිසුවෙකුම පාසලට පැමිණ සිටීම අපේක්ෂා කෙරේ.
- ස්වර්ණාභරණ පැළදීම තහනම් ය. ශිෂ්‍යාවන්ට පමණක් කුඩා චාම් කරාබු යුගලක් පැළදීමට අවසර ඇත.
- නියපොතු අනවශ්‍ය ලෙස දික් කිරීම, වර්ණ ගැන්වීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ඇහිබැම සැකසීම හා ක්‍රීම් වර්ග භාවිතය තහනම් ය.
- පාසල් කාලය තුල හෝ පාසල් නිල ඇදුමෙන් සැරසුන වෙනත් අවස්ථා වලදී ජංගම දුරකථන බාවිතා කිරීමෙන් වැලකි සිටිය යුතුය. විද්‍යාලය තුලදී හමුවන සිසුන් සතු ජංගම දුරකථන කාර්යාලය භාරයට ගනු ලැබේ.
- විවිධ මෝස්‌තර රහිතව ශිෂ්‍යාවන් කොණ්ඩය දෙකට බෙදා මානව අගට යනතෙක් ගොතා නවා කළු පැහැති රිබන් පටියකින් බැද තිබීම අත්‍යාවශ්‍ය වන්නේ ය.
- විද්‍යාලීය නිල ඇදුමින් තොරව විද්‍යාලීය පන්තිවලට සහබාගී වීම හෝ වෙනත් අත්‍යවශ්‍යතාවන් සදහා විද්‍යාලයට පැමිණීම නොකලයුතුය.
- නුසුදුසු ලිපි ලේකන, සගරා, පොත්පත්, ජංගම දුරකථන, විද්‍යුත් මාද්‍ය ද්‍රව්‍ය ළග තබා ගැනීම තහනම් ය.
- ආපන ශාලාව භාවිතයට ඉඩ ඇත්තේ පාසල් ආරම්භ වීමට පෙර, දිවා විවේක කාලය තුල සහ පාසල් අවසානයට පසුව පමණි.
- සියළුම සිසුන් පන්ති කාමර සහ පාසල් භූමිය පිරිසුදුව තබා ගැනීමට කටයුතු කල යුතුය. පාසලේ ඇති භෞතික සම්පත් ප්‍රවේශමෙන් පරිහරණය කල යුතුය.
- පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් ය. දිවා ආහාරයෙන් පසුව ඉතිරිවන දෑ පාසල් භූමිය තුළ නොදමා ආපසු රැගෙන යා යුතුය.
- උදෑසන පාසලට එන අතරතුර දී පාසල ඇරී නිවෙස් කරා යන අතරතුරදීත්, පොදු ස්ථාන වලදී, සිසුන් පාසලේ ගෞරවයට හානියක් නොවන සේ විනීතව හැසිරිය යුතුය. අවිනිතව හැසිරෙන සිසුන් පිළිබඳ පැමිණිළි ලැබුන විට ඒගැන විනයානුකූලව කටයුතු කරනු ලැබේ.





