අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය

හරිත වර්ණ පදක්කම් ප්‍රදානය සදහ‍ා ව්‍යාපෘති සිදුකිරීම

පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරීම

WhatsAppImage2024-07-16at113120.jpeg
WhatsAppImage2024-07-16at113120.jpeg

විදුහල්පති පණිවිඩය

Y.P.M.ලක්මලී මිය

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් මිනු/අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය අස්ගිරි ග්‍රාමය තුළ සියගණන් දරු දැරියන්ගේ නෙත් සිත් පාදමින් සියවසකට ආසන්න කාලයක් පුරාවට දැයට වටිනා දරු සම්පතක් බිහිකළ විදුමාතාවකි. එවන් අභිමානවත් ඉතිහාසයක් හිමි අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලයට නව තාක්ෂණත් සමග එක්වෙමින් පාසල් සේවාවන් වඩාත් වර්ධනය කිරීම සදහා පාසල සදහ‍ා නිර්මාණය වූ වෙබ් අඩවිය අත්වැළක් වනු නිසැකය.

සුහුරු දැනුමින් පිරි නව ලොවට අවැසි දැනුමින් යුතු සිසු පරපුරක් බිහිකිරීමේ එක් පියවරක් ලෙස පාසලට අලුතින් නිර්මාණය කෙරුණු වෙබ් අඩවිය සංවර්ධනය කිරීම සදහා දායකවූ ශිෂ්‍ය කණ්ඩායමට ඉදිරි කටයුතු සදහා සුභපතමි.

 

 

Y.P.M.ලක්මලී මිය
විදුහල්පති
අස්ගිරිය සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය.